රකිමි ඔබ දිවි තියෙන තුරු……
Posted on නොවැම්බර් 18th, 2009 විසින් -සමබර-
මම හෙමින් හෙමින් මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියේ හිරු අවරට යන්නට ඔන්න මෙන්න තියෙන වෙළාවකයි. නොනැවතී වෙරළ සිප ගන්නා මූදු රැල්ල මතින් බලාපොරොත්තුවේ නෙත් පහන් දල්වාගෙන, දියඹ තෙක් ඇදෙන පුංචි ඔරුවක් දිහා එක එල්ලේ බලා සිටින ස්ත්‍රියක් මගේ දෙනෙතට ගැටුනේ, මළ හිරු රැස් වැදී ඇගේ රුව යාන්තමින් දිස්වුනු මොහොතකයි.
දරු පැටවුන් තුරුලේ හොවාගෙන තම පෙම්බර ස්වාමියා, නැත්නම් “දරුවන්ගේ තාත්තා” මුහුදු යන දෙස බලා සිටිනා වූ මේ සුන්දර ස්ත්‍රිය දුටු මගේ සිත තුළ ඇඳි ජවනිකාව, මේ විදිහට වචන කීපයකට හිරකර තබන්නට මට සිත්වුනා. ලාම්පුතෙල් පහනින් ලැබෙන ආලෝකයේ පිහිටෙන් සිය සුන්දරත්වය බලමින් සුසුම් හෙලන දහසක් ධීවර කතුන්ට වගේම, සිය දිවිය ගැටගසා ගන්නට මහ මුහුද එක්ක පොර බදන දිරිය ධීවර සහෘදයන්ටද මාගේ මේ වදන් පෙළ ශක්තියක් වේවා!


ලස්සන නිසදැසක්