ප්‍රේමයද කීර්තියද ඔබ තුලින් දුටුවෙමි!

පහුගිය බ්‍රහස්පතින්දා හවස් වරුව මඳක් නිසංසලව දැහැන්ගතව ගත කරන්න ලැබුනේ වචනයෙන් කියන්නට බැරි තරම් සුන්දර විදිහකටය. ඒ කෙලෙසකද කිව්වොත් පූරකයන් අතර නොමැකෙන මග සළකුණක් බඳුවූ, තුන්පත් රෑනකට නැතුවම බැරි චරිතයක් වූ සුන්දර සිතැති මිනිසෙකුගේ විසිවන ගුණසමරු සංගීත සැඳෑව රසවිඳින්නට මටද අවස්ථාවක් ලැබීම නිසාය.

මෙහෙම කියනකොට නම් ඔබට ඔහු ගැන මතකය අලුත් වන්නට ඇති නේද? ඔහු වෙන කවුරුවත් නොව අපි කවුරුත් ආදරය කල ආදරය කරන අනූපම ප්‍රතිභාවකින් යුතු වුනු ප්‍රේමකීර්ති ද අල්විස් ය. ඔහු අපට දායාද කල දෑ බොහෝ වුනත් අප අතර සිටි අමනුස්සයන් ඔහුට ඉතිරි කර හැරියේ කුරිරු මරණය පමනක් වීම සමස්ත සීලාචාර සමාජයම පිලිකුලෙන් යුතුව හෙලා දකින කරුණක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

එතරම් සුන්දර මිනිසෙකු ගැන මගේ සිතුම් රැහැනින් ගිලිහුණු වදන් පෙලක් මෙලෙසින් ඔබ හමුවට ඉදිරිපත් කරනුයේ ඔහුට දක්වන ගෞරවයකට යන වග මම පවසනුයේ හද පිරි බැතියකිනි.

prems1

Share on Facebook

Comments are closed.