Posted on පෙබරවාරි 14th, 2010 විසින් -සමබර-
අපි හැම කෙනෙක්ම උපන්නාට පසු වගේම, මව්කුස පිළිසිඳගත්ත දවසේ පටන්ම ආදරය ලබන්නට පෙරලා ආදරය කරන්නට පුරුද්දක් ලබාගන්නේ හුදෙක් සොබාදහමේ චමත්කාරජනක ක්‍රියාවලියක් නිසා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? ආදරය නොකරන කෙනෙක්, ආදරය නොලබන කෙනෙක් මිහිපිට ඉන්නවා කිව්වොත් ඒ කියමන හුදෙක් අනර්ථ කියමනක් බවට පත්වන්නේ මිහිපිට උපන් සෑම මනුස්සයෙක්ම ආදරය කරන්නටත් ආදරය ලබන්නටත් හුරුවී ඇති නිසයි.
ආදරයෙහි විවිධ උස් පහත්කම් තිබෙන්නටත්, එකෙකුගෙන් තවෙකෙකුට වෙනස් වන්නටත් ඇති ඉඩකඩ බොහෝයි. ඒ දේ කොහොම වුනත් පෙම්වතුන් විදිහට ආදරය කරන අතරතුර ගෙවල් දෙකකට වෙලා දෙතැනක තනිවෙලා ආදරය කරනවාට වඩා සදහටම ළංවෙලා ඉන්නට ඇතිවන නොමඳ අවශ්‍යතාවය නිසා පිරිමියෙක් සහ ගැහැණියෙක් යුග දිවියට එළඹෙන බව කවුරුත් පිළිගනීවි. ඒත් අද සමාජයේ නම් දෙදෙනෙක් එකලාසයක් වෙන්නේ ආදරයේ නාමයෙන් ම නොව සමාජ සම්මතය ක්‍රමයට හිස නවනු පිනිස වගේම, දරුවන් හදන්නට කිව්වොත් ඔබ එකඟ වේවි. අන්තිමට විවාහවී දින කීපයකින් දික්කසාද වන අවස්ථාද එමටයි.
මම මෙතරම් දේවල් කිව්වේ මගේ මාතෘකාවට පිවිසුමක් ලබාගන්න.
දෙදෙනෙක් ආදරයෙන් වෙළිලා පැටළිලා කාළයක් ගතකරායින් පසුව යුගදිවියට එළඹෙනවා. ටික දිනක් සතුටින් ගත කරන මේ දෙපළ දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා වගේම වෛද්‍යවරු අභිමුඛෙහි උපදෙස් ලබාගන්නවා. නමුත් අවාසනාවකට මේ දෙපළගෙන් ස්වාමියා සරුබවින් පිරිපුන් අයෙක් වුනත් අඹුවට දරුපල නැතිබව කළක් ගතවෙන විට සනාතවී යනවා.
නමුත් ඇය ඔහුවෙත පුද දුන් නිමල පෙම කොයි හේතුවක් නිසාවත් අඩුවක් කරන්නේ නැහැ, තවතවත් වැඩි කරනවා මිස. අවාසනාවකට ඔහු ඇයව ප්‍රතික්ෂේප කරමින් වෙනතක් බලාගනු අදහසින් කටයුතු කරනවා. ඔහුට පුද දුන් ආලයේ නාමයෙන් තමා අතැර ගිය ඔහු නැවත තමන් කරා ඒවි යන සිතුවිල්ල දල්වා ගත් දෙනෙත් ඇතිව ඇය මෙලෙසින් පවසනවා.

Filed under: අම්මා, ආදරය, ඇරඹුම, උණුසුම, තනිකම, විරහව, ස්ත්‍රිය, සිත | 1 Comment »
Posted on නොවැම්බර් 28th, 2009 විසින් -සමබර-
ආදරය….ඔව්, හැම කෙනෙකුටම දැනෙන හැම හදවතක්ම හඳුනන හැඟීමක් ඇත්නම් ඒ ආදරයම තමයි. සමහරු දකින විදිහට ඒක හරිම සුන්දරයි. ඒකත් යම්තාක් දුරකට ඇත්තයි, නමුත් ආදරයේ අතිශය සුන්දරත්වයක් තිබෙන්නේ ඒක ආදරයක්ව පවතින තුරාවට විතරයි. රාගය සමග ආදරය පටලවා ගැනීමක් අද සමාජයෙහි දකින්නට තිබෙන නිසාවෙන් ඒ වගේ ආදරයන් ගැන දෙවතාවක් සිතා බලන්නට වෙන අවස්ථාද එමටයි. කොහොම වුනත් ආදරය ආදරයක් හැටියට කරගෙන ගොසින් ජීවිතය සතුටෙන් ගෙවන අයත් නැතුවාම නෙවෙයි.
මේ දේවල් තුලින්, බොහෝ දෙනා මුහුණපාන පොදු තත්ත්වය නම් විරහවයි. සහකරුවා හෝ සහකාරිය තුලින් තම අනාගතය දකිමින් ඔහුට හෝ ඇයට සමීප වෙමින් ජීවිතය අලුතින් ආරම්භ කිරීමේ මූලික අඩිතාලම විදිහට ආදරයක් පටන්ගනී. දහසකුත් බලාපොරොත්තු, සංසාරගත පුරුදු ගොනු කරගෙන අරඹන මෙවන් සම්බන්ධයන් බොහෝ වේලාවට කෙළවර වන්නේ තනිකමකින්, වේදනාවකින් වගේම ජීවිතය ගැන දැඩි පසුතැවීමකිනුත්.
ගතවුනු දින කීපයේදීම මට අසන්නට දකින්නට ලැබුනු සිදුවීම් කීපයකම අවසන් විග්‍රහය ලෙස මම දුටුවේ එක් පාර්ශ්වයක හෝ පාර්ශ්ව දෙකේම තිබුණු අනවබෝධයයි. අවබෝධයක්, විශ්වාසයක් නැතිව ගිය ගමන් වලදී මංමුලාවී දුක් විඳින්නට සිද්ධවීම කාටත් වලක්වන්නට හැකි කාරණාවක් නෙවෙයි.
ඉතින් ඒ සිදුවීම් තුලින් එක් සුවිශේෂ සිදුවීමක් මගේ මේ සටහන ලියන්නට පාදක කරගත්තා. කලින් සැරේදී වගේම මෙවරත්, මගේ මිතුරෙකු අතහැර දමාගිය ප්‍රේමයක් තුලින් ඔහුගේ සිතුම් පැතුම් වල හැසිරීම දුටු ආකාරය සටහනක ඉදිරිපත් කරන්නට දැරූ වෙහෙසක් මෙලෙස ඔබ හමුවේ තබන්නට සිත්වුණා.

Filed under: අම්මා, ආදරය, ඇරඹුම, උණුසුම, තනිකම, නිවීම, විරහව, ස්ත්‍රිය, සිත | No Comments »
Posted on නොවැම්බර් 22nd, 2009 විසින් -සමබර-
මැකිලා යන්න ගිය ඇගේ, පෙම්වතාව මට මුනගැසුනේ බොහෝම කාළයකට පස්සේ කොළඹ ජාතික පුස්තකාලයේ සිටින මොහොතකයි. පාසැල් කාළයේ පටන්ම මගේ හොඳ මිතුරෙක් වුනු ඉහත කී පුද්ගලයා දෙස සෑහෙන වෙලා බලාගෙන සිටි මට ඔහු තුලින් පෙනෙන්නට වුනේ මහා පුදූම පසුතැවීමක්. පුස්තකාලයේ පසෙකින් තියන ස්මාරකයට හේත්තු වෙළා ඔහේ බලාගත්ත අත බලාගෙන කල්පනා කරනවා.
මම ටිකක් ළං වෙලා ඔහුත් සමඟ කතා කරන්න පටන් ගත්තේ “මොකද මචං අවුලක්ද?” කියා අහන ගමනුයි. එතකොට තමයි ඔහු මාව හරියට අඳුන ගත්තේ, එතකන් ඔහු වෙන කල්පනාවක සිටි බවට ඒක හොඳ නිදසුනක්. “නැහැ මචං මට ජීවිතේ එපාවෙලා තියෙන්නෙ දැන්” යනුවෙන් එකපාරටම ඔහු පිළිතුරු දුන්නා. මගේ සැක කිරීම නිවැරදි වග මට දැනුණු ඒ මොහොතේ පටන් ඔහුට සිද්ද වුණු අකරතැබ්බය ගැන කරුණු හාරවුස්සන්නට වුනේ, වෙනකක් නිසා නොව දුක්ගන්නා රාජකාරිය මට නුහුරු දෙයක් නොවුන නිසාමයි.
සරසවියේදී මුලින්ම හමුවී ඇතිකරගත් පෙම් සබඳතාවක අවාසනාවන්ත කෙළවරක් තෙක් ඔහු මාව රැගෙන ආ අතර එතුලින් මා ඒ සිදුවීම දෙස බැලූ සැටි මේ අයුරින් පුංචි කඩදාසියක ලියා තැබුවා.

Filed under: ආදරය, ඇරඹුම, උණුසුම, විරහව, ස්ත්‍රිය, සිත | No Comments »
Posted on නොවැම්බර් 18th, 2009 විසින් -සමබර-
මම හෙමින් හෙමින් මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියේ හිරු අවරට යන්නට ඔන්න මෙන්න තියෙන වෙළාවකයි. නොනැවතී වෙරළ සිප ගන්නා මූදු රැල්ල මතින් බලාපොරොත්තුවේ නෙත් පහන් දල්වාගෙන, දියඹ තෙක් ඇදෙන පුංචි ඔරුවක් දිහා එක එල්ලේ බලා සිටින ස්ත්‍රියක් මගේ දෙනෙතට ගැටුනේ, මළ හිරු රැස් වැදී ඇගේ රුව යාන්තමින් දිස්වුනු මොහොතකයි.
දරු පැටවුන් තුරුලේ හොවාගෙන තම පෙම්බර ස්වාමියා, නැත්නම් “දරුවන්ගේ තාත්තා” මුහුදු යන දෙස බලා සිටිනා වූ මේ සුන්දර ස්ත්‍රිය දුටු මගේ සිත තුළ ඇඳි ජවනිකාව, මේ විදිහට වචන කීපයකට හිරකර තබන්නට මට සිත්වුනා. ලාම්පුතෙල් පහනින් ලැබෙන ආලෝකයේ පිහිටෙන් සිය සුන්දරත්වය බලමින් සුසුම් හෙලන දහසක් ධීවර කතුන්ට වගේම, සිය දිවිය ගැටගසා ගන්නට මහ මුහුද එක්ක පොර බදන දිරිය ධීවර සහෘදයන්ටද මාගේ මේ වදන් පෙළ ශක්තියක් වේවා!

Filed under: අම්මා, ආදරය, ඇරඹුම, උණුසුම, ස්ත්‍රිය, සිත | 1 Comment »
Posted on සැප්තැම්බර් 29th, 2009 විසින් -සමබර-
ලස්සන චාම් ගවුමකින් සැරසිලා, අහිංසක ලීලාවෙන් ඉදිරියට පැමිනෙන ඇය දිහා, මඳ වේලාවක් මම බලාගෙන හිටියේ, දෙනෝ දාහක් අතරින් දුටු ඇගේ කිසියම් විශේෂත්වයක් නිසා යන වග නම් පැහැදිලියි. එදා කැලණිය සරසවිය යම්තාක් දුරකට විද්‍යාර්ථයින් ගෙන් පිරීගිය දිනයක් වුනා. ඒ මක් නිසාද කිව්වොත් නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුන හින්දයි.
ඉතින් ඔය විදිහට සිසු සිසුවියන් ගඟක් ගලන විලසකට ඉදිරියට ඇදෙන අතරතුර දුටු සොඳුරු දසුනක් මට මේ නිර්මාණය කරන්න පාදක වුනා. ඇය සුරූපී භද්‍ර යෞවන වියෙහි පසුවන තරුණියක් වූ අතර තරමක් මහලු කාන්තාවකගේ අතේ එල්ළීගෙන එන හැඩ දකින හැම කෙනෙකුගේම අවදානයට ඇය වෙත යොමු වුනා. ඇය සරසවි මව් සෙවනට එන මුල්ම දවස නිසා දෝ, මහලු කාන්තාවගේ අත තදින් අල්ලාගෙන සිටි අතර තරමක චකිතයක් පෙන්වමින් ඇගෙන් සමුගෙන ශාලාව වෙත පියමැන්නා.
ඇය ඈතට පියමනින තුරු මහලු කාන්තාව සිය ගෙල පුලුවන් තරම් ඔසවමින් ඈ යන දෙස බලාගෙන සතුටු කඳුලු වගුරවන්නට වුනා. එතරම්ම හැඟීම් බර රසබර අවස්ථාවක් වදන් පෙළකට අමුනන්නට ලැබීමම, මට ලබා දෙන්නේ නොසෑහෙන පන්නරයක් කිව්වොත් නිවැරදියි.

Filed under: අම්මා, ආදරය, ඇරඹුම, උණුසුම | No Comments »
Posted on අගෝස්තු 18th, 2009 විසින් -සමබර-
“අන්න ඇය එනවා. ඇවිදින් ඈතට යනවා. ආයෙත් එනවා.” ඔය විදිහට නොනවතින දම්වැලක් වගේ සිතුවිලි සමඟ මතුවන ඇගේ චමත්කාරජනක රූප සොබාව දිහා, ඇස් පිල්ලම් නොගහමින් බලාගෙන ඉන්නට සිත තුලින්ම ආසාවක් මෝදු වේගෙන එනවා.
“ලස්සන තාවකාලිකයි.” “ලස්සන කන්නයැ” “පොත්තෙ ලස්සන තිබුනට ඒක හිතේ කොහින්ද” යනුවෙන් නානාවිද මතවාද දෙපසින් ගලා ගෙන ආවත් ලස්සන යමක්, කෙනෙක් දුටුවහම ඒ දෙස බලා ඉන්නට සිත තමන්ව ම පොළඹවගන්නේ හරිම අපූරු විදිහකටයි. ඉතින් චමත්කාරයක රස්මිය දෙනෙතින් ගිලිහෙන්නට මත්තෙන්, හිත තුලවන් කඩදාසියක සිතුවිලි නම්වූ පෑනෙන් ලියූ වදන් පෙළකි මේ.

Filed under: ආදරය, ඇරඹුම, උණුසුම, සිත | No Comments »
Posted on අගෝස්තු 1st, 2009 විසින් -සමබර-
පහුගිය බ්‍රහස්පතින්දා හවස් වරුව මඳක් නිසංසලව දැහැන්ගතව ගත කරන්න ලැබුනේ වචනයෙන් කියන්නට බැරි තරම් සුන්දර විදිහකටය. ඒ කෙලෙසකද කිව්වොත් පූරකයන් අතර නොමැකෙන මග සළකුණක් බඳුවූ, තුන්පත් රෑනකට නැතුවම බැරි චරිතයක් වූ සුන්දර සිතැති මිනිසෙකුගේ විසිවන ගුණසමරු සංගීත සැඳෑව රසවිඳින්නට මටද අවස්ථාවක් ලැබීම නිසාය.
මෙහෙම කියනකොට නම් ඔබට ඔහු ගැන මතකය අලුත් වන්නට ඇති නේද? ඔහු වෙන කවුරුවත් නොව අපි කවුරුත් ආදරය කල ආදරය කරන අනූපම ප්‍රතිභාවකින් යුතු වුනු ප්‍රේමකීර්ති ද අල්විස් ය. ඔහු අපට දායාද කල දෑ බොහෝ වුනත් අප අතර සිටි අමනුස්සයන් ඔහුට ඉතිරි කර හැරියේ කුරිරු මරණය පමනක් වීම සමස්ත සීලාචාර සමාජයම පිලිකුලෙන් යුතුව හෙලා දකින කරුණක් වෙනවාට කිසිම සැකයක් නැහැ.
එතරම් සුන්දර මිනිසෙකු ගැන මගේ සිතුම් රැහැනින් ගිලිහුණු වදන් පෙලක් මෙලෙසින් ඔබ හමුවට ඉදිරිපත් කරනුයේ ඔහුට දක්වන ගෞරවයකට යන වග මම පවසනුයේ හද පිරි බැතියකිනි.

Filed under: අම්මා, අමාදහර, ආදරය, ඇරඹුම, උණුසුම, නිවීම, විරහව | No Comments »
Posted on ජූලි 5th, 2009 විසින් -සමබර-
හදරැඳි නුවන් යුග සොයාගෙන යන දිවිමගෙහි ඔබෙන් ලද පහසින් සිත කෙතරම් අමන්දානන්දයට පත්වීදෝ කියා මටම නොවැටහේ. ඔබ සුවඳ දසඅත පැතිරෙන කල විටෙක සුවඳ යන මාවත දිගේ ගොස් ඔබව සොයයි. ඔබේ කටහඬ ඇසුනු සැම විටකම හඬ දිවෙන මාවත ඔස්සේ ගොස් ඔබව සොයයි. ඔබෙ නෙත් කැලුමන් හමුවේ මෙතරම් සිත ගත අසරණ වන්නේ ඇයිද කියනුමැන මා මියුලැසිය…

Filed under: ආදරය, සිත | No Comments »